gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

පාර්ලිමේන්තුවේ කෝප් ,කෝපා සහ මහජන පෙත්සම් කාරක සභාවල සභාපති ධූරය විරුද්ධ පක්ෂයට ලබා දිය යුතු බවට විපක්ෂයේ නායකයන් ඉදිරිපත් කළ යෝජනාවක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු ඊයේ (7) එකඟත්වයට පැමිණ ඇත.

එමෙන්ම පාර්ලිමේන්තුවේ කෝප් ,කෝපා සහ මහජන පෙත්සම් කාරක සභාවල සාමාජිකයකුට අනුගාමී රැස්වීම් තුනකට සහභාගි වීමට නොහැකි වුවහොත් ඒ සාමාජිකයා සාමාජිකත්වය හැර ගියා සේ සැලකෙන සංශෝධනයකටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟත්වය හිමිවිය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් ) ,රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා) සහ මහජන පෙත්සම් කාරක සභාවේ බලතල වැඩි කිරීම සඳහා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් රජය වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ස්ථාවර නියෝග සංශෝධන කිරීමේ කෙටුම්පතට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී (පක්ෂ නායක රැස්වීම) එකඟතාව ලැබී ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(7) පස්වරුවේ රැස් විය.


gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka