ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි
ඉකුත් මැයි මස 09 වෙනිදා ඇතිවූ කළහකාරී සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර සිටියා.
මේ අතර තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා.
පසුගිය මැයි මස නව වනදා කොල්ලුපිටිය මයිනා ගෝ ගම සහ ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලවලට පහර දීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් තමාව නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කර ඇති බවයි.
ඊට අදාලව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තිබූ තිබෙන බවද ඔහු සිය පෙත්සමෙන් කරුණු සඳහන් කර තිබුණා.
ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි
2022-06-08T17:05:00+05:30
Gossip Lanka Hot News





