gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සපුගස්කන්ද යලි වැසෙයි! බොරතෙල් ගේන සැලසුමක් නෑ!

නැවතත් බොරතෙල් නැවක් ගෙන්වීමට අදාළව මෙතෙක් කිසිදු කටයුත්තක් සිදු කර නොමැති නිසා එළඹෙන 27 වැනිදා හෝ ඊට ආසන්න දිනක සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව අනිවාර්යෙන්ම වසා දැමීමට සිදුවන බව තෙල්, විදුලි, වරාය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

දැනට ලැබී ඇති බොරතෙල් තොගය උපයෝගී කරගෙන උපරිම ධාරිතාවයෙන් පිරිපහදුව ක්‍රියාත්මක පිරිපහදුව ක්‍රියාත්මක කළ හැක්කේ 20 වැනිදා දක්වා පමණක් බවත් සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය.

නමුත් මේ වන විට දින පිරිපහදු කරනු ලබන්නේ මෙට්ට්‍රික් ටොන් 3500 ක ප්‍රමාණයක් බවත් අඩුවෙන් යොදා පිරිපහදුව ක්‍රියාත්මක කිරීමෙන් නියමිත ධාරිතාව ලබාගත නොහැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

පිරිපහදුව වසා දැම්මද සේවක වැටුප් හා දීමනා ගෙවීමට සිදුවන බවත් පිරිපහදුවෙන් වැඩිපුරම දැනට නිපදවන්නේ දැවිතෙල් නිසා පෙට‍්‍රල්, ඩීසල්, භූමිතෙල් අර්බුදය තව තවත් උග්‍ර වන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka