අද දිනයේදී මෙරටට පැමිණීමට නියමිතව තිබු පෙට්ට්‍රල් නෞකාවේ පැමිණීම තවදුරටත් පමාවන බවට අදාළ සැපයුම්කරු විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට දැනුම් දී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.
මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් පෙට්ට්‍රල් නෞකාව ඊයේ දිනයේදී මෙරටට ළඟා වීමට තිබු බවත් එය අද දිනය දක්වා ප්‍රමාද වන බවට ඊයේ දිනයේදී බලශක්ති අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියා.
මේ අතර මෙම නෞකාව මෙරටට පැමිණෙන නිශ්චිත දිනය ගැන අද දිනය තුලදී යාවත්කාලින කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
එමෙන්ම ඊයේ දිනයේදී නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් ලබාදුන් යාවත්කාලීන කිරීම සහ ප්‍රමාදය ගැන සමාව අයැද සිටින බවද බලශක්ති අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටිනවා.
