රුසියානු ගුවන් යානයට පිටව යන්න අවසර.. වාරණ නියෝගය අත්හිටුවයි…
රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයකට මෙරටින් පිටවීම තහනම් කරමින් නිකුත් කර තිබූ වාරණ නියෝගය අත්හිටුවීමට කොළඹ වාණිජ මහාධිකරණය අද නියෝග කලේය.
නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා විසින් අද එම නියෝගය ලබා දුන්නේය.
කෙසේ වෙතත් මේ වන විටත් රුසියානු ගුවන් සමාගම ශ්‍රී ලංකාව දක්වා වාණිජ ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර ඇත.
රුසියානු ගුවන් යානයට පිටව යන්න අවසර.. වාරණ නියෝගය අත්හිටුවයි…
2022-06-06T17:42:00+05:30
Gossip Lanka Hot News






