gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“ජනතාවට වේල් 2ක් කන්න කියන්න අගමැති කෙනෙක් ඕන නෑ”

වේල් දෙකක් කන්නැයි කියන රනිල් වික්‍රමසිංහ ‘අර්බුදයේ කර්තෘ’ කවුදැයි රටට හෙළි නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක චෝදනා කරයි. අර්බුදයේ නිර්මාපකයන්, කර්තෘවරුන් රනිල් වික්‍රමසිංහ සගවන බව ජවිපෙ නායකයා පවසයි.

අර්බුදයේ විශාල බව පෙන්වා රනිල් වික්‍රමසිංහ අගමැති හපනෙකු වීමට උත්සාහ දරන බව ද ඔහු කියයි.

“රාජපක්ෂලාට විරුද්ධව තරුණ තරුණියන් නැගී සිටියා. නාකි මයිනෙක් කිව්වා, මහින්ද හොරෙක් කිව්වා, අපේ අනාගතය විනාශ කළා, මහින්ද ගෙදර යන්න කිව්වා. මේ විදිහට රාජපක්ෂලා බිත්තියටම හිර වූ පසු රාජපක්ෂලා බේරගන්න රනිල් නූතන ‍ෙදාන් ජුවන් ධර්මපාල විදිහට නැත්තම් පාවාදෙන්නා ලෙස රනිල් අගමැතිකම භාර ගත්තා. අයියණ්ඩිය බිය නොවන්න මැරෙනා සැටි මම පෙන්වන්නම් වගේ ඇවිත් රනිල් අගමැතිකම භාර ගත්තේ. ජනතාවගේ වේදනාව කෝපය ජනතා නැඟිටීම් අගමැති තනතුර වෙනුවෙන් පාවා දීපු සැඟවුණු රාජපක්ෂලාට එළියට එන්න ඉඩ හැරියෙ රනිල්.

දැන් පැරණි අසාර්ථක දේශපාලන ආර්ථික ගමනක් යළි තහවුරු වී තිබෙනවා. ඒ ගමන ඉතා කෙටි කළ යුතුයි. රනිල් අද අර්බුදයේ ප්‍රකාශක වෙලා තව දවසකට විතරයි කන්න තියෙන්නෙ කියනවා. දවස් දෙකක් කෑවොත් රනිල් හපනා. තව සතියකට විතරයි තෙල් තියෙන්නේ කියනවා.

සති දෙකක් තෙල් තිබ්බොත් රනිල් හපනා. ට්‍රිලියනයක් මුදල් අච්චු ගහන්න ඕනෑ ලු. මේවා බොරු. එහෙම කියලා රනිල් හපනා වෙන්න හදනවා. දැන් කියනවා වේල් දෙකට පුරුදු වෙන්න කියලා. ජනතාව ගෑස් පෝලිමේ, තෙල් පෝලිමේ. පෝලිම්වල අම්මල තාත්තලා මැරෙනවා. පාරවල්වල වාහන නෑ. කුඹුරු ටික හාගන්න තෙල් ටික නෑ. ජනතාව විනාශ කරලා රනිල් කියනවා වේල් දෙකක් කන්න හුරුවෙන්නලු. ඒක කියන්න අගමැති කෙනෙක් ඕනෑ ද?”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka