gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දේව බලෙන් මුදල් මවන දේවගැති ඒන්ජල් ජනපති හමුවෙලා !

සිම්බාබ්වේ රාජ්‍යය වෙනුවෙන්ඇමෙරිකාව සහ යුරෝපයේ තානාපතිවරයකු ලෙස ක්‍රියා කරනඉවැන්ජලික දේවගැතිවරයකු සහ විස්මිත මුදල් මැවීම් ගැන දේව මෙහෙය පවත්වනන්කු ලෙස සැලකෙන ඌබට් ඒන්ජල් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා හමුව තිබේ.

සිය සංචාරය පිළිබඳව ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් බමින් පවසා ඇත්තේ සිම්බාබ්වෙ ජනාධිපතිවරයා විසින් පවරන ලද විශේෂ රාජකාරියක් වෙනුවෙන් ඔහු ශ්‍රි ලංකාවට පැමිණ පසුගිය ජූනි මස පළමුවැනිදා ජනාධිපතිවරයා හමුවූ බවය.

සිම්බාබ්වේ බ්‍රිතාන්‍ය මිශ්‍ර සම්භවයක් සහිත ඌබට් ඒන්ජල් විසින් ලෝකය පුරා දේව මෙහෙය සංවිධානය කරන අතර ඔහු ලෝකයේ ධනවත් පුද්ගයකු ලෙස සැලකෙයි.

ලෝකයේ ධනවත්ම පූජකවරුන් අතර සිටින බවට සඳහන් වන ඔහු මුදල් මැවීමත් නපුරු පුද්ගලයන්ගේ මුදල් ආපසු ගැනීමත් පිළිබඳව ග්‍රන්ථයක්ද රචනා කර ඇත.

ඔහු මීට පෙරද ශ්‍රි ලංකාවට පැමිණ මුදල් මැවීමේ දේව මෙහෙයක් සිදු කර ඇති එහිදී ඔහු කර ඇත්තේ සම්පූර්ණ මවා පෑමක් බව ඊට සහභාගී වූවන් සමාජ මාධ්‍ය තුළ සටහන් කර තබා ඇත. 

ඔහු සිය මුදල් ලබා දීමේ දේව මෙහෙයට පෙර පුද්ගලයන් කිහිප දෙනකු තෝරා ගෙන  ඔවුන්ගේ ගිණුම් විස්තර සිය කණ්ඩායම ලවා ලබාගෙන දේව මෙහෙය අවසානය වනවිට ඔවුන්ගේ ගිණුම්වලට සුළු මුදල් ප්‍රමාණයක් එකතු කර ඇති බව ඔවුන් සඳහන් කර ඇත.

කෙසේ වුවද  සිම්බාබ්වේ රාජ්‍යයේ  වරප්‍රසාද අඩු  පුද්ගලයන්ට නව ව්‍යාපාර සංවර්ධනය කිරීම සඳහා මෙන්ම  පහසුකම් අඩු දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා ඔහු උපයාගත් ධනය වියදම් කරන බව පැවසේ.

මූලාශ්‍රය - ලංකාසාර
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka