gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ විදිහට රජයක් ගෙනියන්න බැහැ… තුන් වේල කන්න නැති වෙන තත්වයක් ඒවි… (video)

මේ යන විදිහට රජයක් ගෙනගිය නොහැකි බවත් ඉදිරියේදී තුන් වේල කන්න නැති නරක තත්වයක් උදාවනු ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (03) පස්වරුවේ පැවැති වැඩසටහනක් අමතමින් පැවසීය.

ශ්‍රී ලංකාව මේ වසරේ යල සහ මහ දෙකන්නයේ ආහාර බෝග වගා කිරීමට අපොහොසත් වී ඇතැයිද එම නිසා ඉතා ඉක්මනින්ම ලංකාවේ මිනිසුන්ට දිනකට වේල් දෙකක් පමණක් අනුභව කරන්නට සිදුවනු ඇතැයිද අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන අගමැති රනිල් වික්‍රමසිංහ…

“ආහාර අර්බුදයක් එනවා. රටවල් දැනටමත් ආහාර අපනයනය නවත්වලා. අපි යුක්රේන අර්බුදය අපේ අර්බුදය සමග පටලවා ගන්නේ නැහැ.

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නිසි කාලයේදී ගියේ නැහැ. අපිට විදේශ මුදල් ලැබිමේ මාර්ග නැතිවෙලා. ඉන්ධන සඳහා දිගු පෝලිම් තියෙනවා.

හැම උදෑසනම අපි නැව්වලට ගෙවීමට ඩොලර් මිලියන 20ක්, 30ක්, 40ක් සොයා ගන්නේ කොහොමද කියලා හිතනවා. එකකට ගෙවන්න බැරිවුණොත් එදින හිඟයක් ඇතිවෙනවා.

ඔබට රජයක් මෙහෙම ගෙනියන්න බැහැ. අපේ නරක කාලය එන්න තියෙන්නේ ඉදිරියට. ආහාර නැතිවේවි.

අපේ ආහාර සැපයුම ප්‍රමණවත් වන්නේ සැප්තැම්බර් හා ඔක්තෝබර් දක්වා පමණයි. අපි ලබන මහ කන්නයට පොහොර සපයා ගන්න හදන්නේ. ඒක වුණොත් ලබන පෙබවරවාරියේදී සාධනීය තත්වයක් ඒවි.

ආර්ථිකය කඩා වැටෙන කොට තව තව රැකියා නැතිවෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩා වැටේවි. අපි යන්නේ එතනට. මිනිස්සුන්ට දිනකට ආහාර වේල් තුනක් නැති කාලයක් ඒවි.”

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka