Breaking News : "දේශපාලනය නතර කරන්නේ නෑ" - විශේෂ ප්‍රකාශයක් කරමින් බැසිල් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙයි (VIDEO)
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දුන් බව හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කර සිටිනවා.
අද සිට තමා සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලන කටයුතුවලින් ඉවත්වන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
"අද ඉඳලා බොහෝ දුරට මම මුල ඉඳලාම විශ්වාස කරපු දෙයක් තමා රාජ්‍ය පාලනයත් දේශපාලනයත් කියන්නේ දෙකක් කියලා. ඒකේ සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලනයෙන් බැහැර වීම තමා අද තීන්දුවේ ප්‍රධානම ඉලක්කය. ඒ අනුව අද ඉඳලා රාජ්‍ය පාලනයේ කිසිදු කටයුත්තකට මම සම්බන්ධ වෙන්නේ නැතිබව දැනුම් දෙනවා. හැබැයි දේශපාලනය කිරීම නතර කරන්නේ නෑ. මොකද මාත් එක්ක හිටිය සියලුදෙනා වෙනුවෙන් ඒ දේ ඉදිරියටත් කරනවා අවශ්‍යතාවයක් තියෙනවා නම්."
Breaking News : "දේශපාලනය නතර කරන්නේ නෑ" - විශේෂ ප්‍රකාශයක් කරමින් බැසිල් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙයි (VIDEO)
2022-06-09T11:56:00+05:30
Gossip Lanka Hot News






