ඕස්ට්‍රේලියා තරගාවලියේ ක‍්‍රීඩාංගණවල ‘GotaGoHome’ විරෝධතා සැලසුම් කරති…
ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලියේ ක‍්‍රීඩාංගණවලදී විරෝධතා දියත් කිරීමට කණ්ඩායම් කිහිපයක් සැලසුම් කර සිටී.
ක‍්‍රීඩාංගණයට එන විට කලු පටි බැඳගෙන එන දෙසත්, ‘ගෝඨා ගෝ හෝම්’ ලෙස කෑ ගසන ලෙසත් ඔවුන් සමාජ ජාල ඔස්සේ ඉල්ලා සිටිති.
කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ පවසන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙරටට පැමිණීම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට වටිනා අවස්ථාවක් බවයි.
විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙනවා සේම සංචාරකයන්ට මෙරටට පැමිණීමට උනන්දු කරවනු ඇතැයි ඔවුන් කියා සිටිති.
ඒ හේතුවෙන් විරෝධතා දක්වා එම තරගාවලියට බාධා ඇති නොකරන ලෙස ඔවුන් ඉල්ලා සිටිති.
ඕස්ට්‍රේලියා තරගාවලියේ ක‍්‍රීඩාංගණවල ‘GotaGoHome’ විරෝධතා සැලසුම් කරති…
2022-06-07T02:40:00+05:30
Gossip Lanka Hot News






