ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් පමණ ලබා දීමට පොරොන්දු වී ඇති බවට විදේශ අමාත්‍යාංශය අද දින නිකුත් කර තිබූ ප්‍රකාශය ලෝක බැංකුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ Faris H. Hadad-Zervos පැවසුවේ, ලෝක බැංකුව බ්‍රිජ් ණය පහසුකමක් හෝ නව ණය බැඳීමක් ලෙස ශ්‍රී ලංකාවට ආධාර කිරීමට සැලසුම් කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය බවය.
ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ජනතාව ගැන සැලකිලිමත් වන අතර, ආර්ථික ස්ථාවරත්වය සහ පුළුල් වර්ධනයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්ති පිළිබඳව උපදෙස් දීම සඳහා IMF සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවද හෙතෙම ප්‍රකාශ කොට ඇත.
ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකරන බව ඔහු පැවසීය.