විමලවීර දිසානායකට යන එන මං නැති වෙයි – ඉන්දියාවෙන් ආරක්ෂාවත් ඉල්ලයි
තමා සහ තම පවුලේ සාමාජිකයන් ඉන්දියාවට රැගෙන ගොස් ආරක්ෂාව ලබා දෙන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව පවසනවා.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවමත් නිසි ආරක්ෂාවක් සපයා දී නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා දී ඇති ආරක්ෂාව ගැන තමා කිසිසේත්ම සෑහීමට පත් නොවන බවත් ඔහු සඳහන් කර සිටිනවා.
දේශපාලනයෙන් එක සත පහක් උපයාගෙන නොමැති තමා ඉතා දුක් මහන්සියෙන් හරිහම්බ කරගත් සියලුම දේපළ ම්ලේච්ඡයන් පිරිසක් විසින් සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කරනු ලැබූ හෙයින් තමා අද මේ රටේ යන එන මං නැති පුද්ගලයකු බවට පත්ව සිටින බව ද ඔහු පැවසීය.
උපුටා ගැනීම : ceylon24x7
විමලවීර දිසානායකට යන එන මං නැති වෙයි – ඉන්දියාවෙන් ආරක්ෂාවත් ඉල්ලයි
2022-05-30T14:00:00+05:30
Gossip Lanka Hot News






