BREAKING NEWS : අටුළුගම දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු කොටුවෙයි
බණ්ඩාරගම, අටුළුගම ප්‍රදේශයේ 9 හැවිරිදි දැරියගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, සැකකරු 29 හැවිරිදි පුද්ගලයෙකු බව ය.
අදාළ පුද්ගලයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වූ බව ඔහු පැවසීය.
දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (මැයි 30) පානදුර මූලික රෝහලේදේ සිදු කෙරිනි.
බණ්ඩාරගම, අටුළුගමදී අතුරුදන් වූ 9 හැවිරිදි ෆාතිමා අයිෂා අක්‍රම් දැරියගේ සිරුර අටුළුගම, මහ පල්ලිය ආසන්නයේ පිහිටි වගුරු බිමක තිබී මැයි 28 වන දා සොයා ගනු ලැබිණි.
- මව්බිම
BREAKING NEWS : අටුළුගම දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු කොටුවෙයි
2022-05-30T14:43:00+05:30
Gossip Lanka Hot News






