gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රෙදි හැලෙයි… විමල් – උදය “අවලස්සන ඇමරිකානුවා“ සමග එකට ඉඳගෙන ආණ්ඩු හදන සාකච්ඡාවක!

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම  මේ වනවිට ඔවුන් විසින්   අවලස්සන ඇමරිකානුවා ලෙස නම් කරන  බැසිල් රාජපක්ෂ සමග එකට අසුන්ගෙන  අනාගත දේශපාලනය සම්බන්ධව සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට දැන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ කණ්ඩායමක් එක්ව සිටිති.

සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවාගැනීම සහ එහි වැඩකටයුතු ඉදිරියට ගෙන යෑම පිළිබඳ තීන්දු ගැනීම දැන් පැවැත්වෙන සාකච්ඡාවේ අරමුණ වී ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සඳහා තීන්දු ගනිමින් කමිටු පත් කරමින් කල් ඇදීමේ සැලැසුම් සහගත වැඩපිළිවෙළක මෙම කණ්ඩාම නිරත වී සිටින බවට මධ්‍යස්ථ මතධාරීහු චෝදනා කරති.

සර්ව පාක්ෂික ආණ්ඩුව නැමැති සංකල්පය සාර්ථක විමට නම් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු වුවත් ආණ්ඩුවට විරුද්ධව ගෙන ඒමට යෝජිත විශ්වාස භංගයත්, ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයත් දියකර හැරීම සදහා මෙම අයගේ අරමුණ වී ඇතැයි ඔවුහු කියති.

උදය ගම්මන්පිල, විමල් වීරවංශ, මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ කණ්ඩායම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට හා ජනාධිපතිවරයාගේ ක්‍රියාකාලපය ජනතාව ඉදිරියේ විරෝධය පල කළත් විශ්වාසභංගයට තමන්ගේ සහයෝගය පලකර අත්සන් කිරීමට හෝ එය වැරදි නම් නිවැරදි එකක් ගෙන ඒමට කිසිදු පියවරක් ගෙන නොමැති බවඅභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එම ආණ්ඩුවේ ද අගමැතිවරයා තමන් බව මහින්ද රාජපක්ෂ පසුගිය කාලයේ කිහිප වතාවක්ම රටට ප්‍රකාශ කර ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka