gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විල්සන් කරුණාරත්න දිවිගමනට සමුදෙයි!

සිංහල සිනමා වංශ කතාවේ ප්‍රකට සටන් නළුවකු වන විල්සන් කරුණාරත්න හෙවත් විල්සන් කරු අද සිය දිවිගමනට සමු දුන්නා.

මිය යන විට මෙම අසහාය සටන් නළුවා පසු වූයේ හැත්තෑ නව වැනි වියේයි. 
 
1942 ඔක්තෝබර් 28 වැනි දින කොළඹ දී උපත ලද විල්සන් කරුණාරත්න සිය සිනමා දිවිය ආරම්භ කරන්නේ 1974 වර්ෂයේදීයි. 
 
ඒ හදවත් නැත්තෝ චිත්‍රපටයේ රඟපාමින්. 1974 ආරම්භ කෙරුණු ඔහුගේ සිනමා දිවිය දශක පහකට ආසන්න කාලයක් දක්වා දිග හැරෙනවා. 
 
2019 වර්ෂයේ දී ඔහු රංගනයෙන් දායක වූ තිත්ත ඇත්ත චිත්‍රපටය ඔහු රඟපෑ අවසාන චිත්‍රපටය ලෙස සැලකෙනවා. 
 
සිංහල සිනමාවට දායකත්වය ලබා දුන් විශිෂ්ටතම සටන් අධ්‍යක්ෂවරයකු සහ දුෂ්ඨ නළුවෙකු ලෙස සැලකෙන මෙම උත්තුංග දේහ දේහධාරී නළුවා ඔහුගේ දීර්ඝ සිනමා දිවිය තුළ රංගනයෙන් දායක වූ චිත්‍රපට සංඛ්‍යාව 250 ක ට අධිකයි. 
 
එමෙන්ම ඔහුගේ නම ඉදිරියේ ටෙලි නාට්‍යය පහළොවකට අධික සංඛ්‍යාවකගේ රංගන දායක දායකත්වය සම්බන්ධයෙන් ද ලියැවී තිබෙනවා. 
 
ඔහුගේ දීර්ඝ රංගන දිවිය තුළ මාලනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ සසර චේතනා චිත්‍රපටයේ රඟපෑ නිකලස් නැමැති චරිතයට ජූරියේ විශේෂ සම්මානයක් හිමි වී තිබෙනවා. 
 
2021 වසරේ මාර්තු මාසයේේදී සිය නිවස තුල ඇද වැටීම හේතුවෙන් බරපතල ලෙස රෝගාතුර වූ විල්සන් කරුණාරත්න කොළඹ ජාතික රෝහලේ මාස ගණනාවක් නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. 
 
මේ අග්‍රගණ්‍ය සටන් නලුවාගේ අවසන් කටයුතු සිදුවන දිනය සහ වේලාව පිළිබඳ මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදුකර නැහැ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka