පොහොර හිඟය ඇතුළු අර්බුද හමුවේ ගොවීන්ගෙන් එල්ලවන විරෝධයට මුහුණ දීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපායශීලී පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව සමස්ත ලංකා ගොවිජන සමමේලනය පවසනවා.
එම සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පැවසුවේ ඉදිරියේදී ඇතිවන ආහාරය හිඟයට මුහුණ දීම සඳහා බල්ලන්, පූසන් වැනි සතුන් පවා ආහාරයට ගැනීමට සිදුවෙතැයි මහින්ද අමරවීර මහතා ජනතාවට පවසන බවයි.
එවැනි දුෂ්කර කාලයකට ඉදිරියේදී මුහුණ දීමට සිදුවුවද තමන් එහි වගකිව යුත්තකු නොවන බව පවසමින් ඇඟ බේරාගැනීමට අමරවීර මහතා කටයුතු කරමින් සිටින බවයි නාමල් කරුණාරත්න මහතා අවධාරණය කර සිටියේ.
එම අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහතින්.
