බදු පනත් 05ක් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (31) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අරමුණෙන් එම සංශෝධනයන් සිදුකළ බවයි.
ඒ අනුව 2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනත, 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත, 2100 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත, 1988 අංක 40 දරන ඔට්ටු හා සූදාබදු පනත, 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත යන බදු පනත් සංශෝධනය කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.
බදු සහන ලබාදීමට පෙර එනම් 2019 ට පෙර තිබූ තත්වය රට තුළ යළි ඇතිකිරීම මෙහි අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ලිහිල් බදු ප්‍රතිපත්තියක් 2019 වසරේදී හඳුන්වා දෙමින් එකතු කළ අගය මත බද්ද, පුද්ගල ආදායම් බද්ද, සංස්ථාපිත ආදායම් බද්ද යන බදුවල අනුපාත අඩුකිරීමටත්, එකතු කළ අගය මත බද්දෙහි සහ පුද්ගල ආදායම් බද්දෙහි බදු පදනම සංකෝචනය කිරීමටත් රජය ගනු ලැබූ තීරණය හේතුවෙන රාජ්‍ය ආදායම සැලකිය ලෙස අඩු වූ බවද ගුණවර්ධන මහතා පැවසීය.
