දුමින්ද සිල්වාට දුන් ජනාධිපති සමාව අත්හිටුවයි! වහා අත්අඩංගුවට ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්!
මරණ දඬුවම් නියම කර සිර ගත කර සිටින ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපතිවරයා විසින් පොදු සමාව ලබා දීමේ තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කර ඇත.
ඒ අනුව දිමින්ද සිල්වා වහා අත්අඩංගුවට ගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ.
එමෙන්ම ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රය අදිකරණය භාරයට ගන්නා ලෙසද නියෝග කර ඇත.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණීකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු තිදෙනකු ගොනු කළ පෙත්සමක් සලකා බලමිනි.
දුමින්ද සිල්වාට දුන් ජනාධිපති සමාව අත්හිටුවයි! වහා අත්අඩංගුවට ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්!
2022-05-31T16:23:00+05:30
Gossip Lanka Hot News






