gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හමුදාව එළියට ගැනීම ගැන අපි සීරුවෙන් බලන් සිටිනවා! අමෙරිකාව ලංකාව ගැන ප්‍රබල නිවේදනයක් නිකුත් කරයි!

සාමාන්‍ය ජන ජීවිතය අතරට හමුදාව යෙදවීම සම්බන්ධයෙන් අමෙරිකාවේ දැඩි අවධානය යොමුව තිබේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ, සාමකාමී අරගලයක් කිසිවිටෙක හමුදාව යොදා ගැනීමෙන් හෝ ප්‍රචණ්ඩත්වයෙන් මර්දනය නොකළ යුතු බවයි.

ශ්‍රී ලංකාවේ මේ වනවිට සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කනස්සල්ලට පත් වන බව සඳහන් කරන ප්‍රකාශකවරයා කියා සිටින්නේ, සාමකාමි උද්ඝෝෂණකරුවන් කෙරෙහි ප්‍රචණ්ඩත්වය පෑම දැඩිව හෙළා දකින බව ත් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවත් ය.

උද්ඝෝෂණ මර්දනයට හමුදාව යොදා ගැනීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව සඳහන් කරන ඔහු අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසුව සිදුවන දේශපාලනික ක්‍රියා පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව පවසයි.

මේ අතර අමෙරිකාව මෙරට දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, කඩිනම් තීරණ ගැනීමෙන් දේශපාලනික හා ආර්ථික ස්ථාවර භාවය ළඟා කර ගැනීමට කටයුතු කරන ලෙසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka