දේශපාලනය ස්ථාවර නොකළොත් මහ බැංකු අධිපති ඉල්ලා අස්වීමේ සූදානමක!
ඉදිරි සතිය තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොකරන්නේ නම් තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලුම දේශපාලන පක්ෂවලට දැනුම්දී ඇති බව බැංකු අධිපති මහාචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
හැකි ඉක්මනින් දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොකෙරුවහොත් ආර්ථික වශයෙන් මෙම රට ගොඩ ගැනීමට කිසිඳු පුද්ගලයෙකුට නොහැකි වන බවයි මහ බැංකු අධිපතිවරයා අනතුරු අඟවන්නේ.
මේ වන විට මහ බැංකු මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපති මහාචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව සඳහන් කළා.
දේශපාලනය ස්ථාවර නොකළොත් මහ බැංකු අධිපති ඉල්ලා අස්වීමේ සූදානමක!
2022-05-11T17:00:00+05:30
Gossip Lanka Hot News





