gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහා සංඝරත්නය සමග විශේෂ හමුවකින් පසු ශ්‍රීලනිපය සජිත්ට සහාය දෙන්න තීන්දු කරයි!

සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුව භාරගන්නේ නම් එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදීමට සුදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

අද (11) කොළඹ දී මහා සංඝරත්නය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පලකළා.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි මේ වේලාවේ ඉල්ලන්නේ, සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා විදියට මේ ආණ්ඩුව භාරගන්නේ නම් අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ඒ ආණ්ඩුව ගෙනයෑමට අපට යම් සහයෝගයක් ලබාදීමට පුළුවන් එය ලබාදීමට සුදානම්. මොකද හේතුව රට අරාජික කරන්න බෑ. අද අපි පක්ෂ 11 නායකයින් සමගත් සාකච්ඡා කරන්න සුදානම් වෙනවා. ඒ තීන්දුවත් ඉදිරියේ දී ගන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිවරයා යනකල් අගමැතිවරයා පත්කරන්න බැහැ කියන මතයේ ඉන්නවාට වැඩිය අපි කියන්නේ ඒ නායකත්වය අරගෙන වැඩකරන්න. ඔවුන්ට තමා ආරාධනා කරලා තියෙන්නේ ජනාධිපතිවරයා පළවෙනියෙන්. ඒ ක්‍රියාදාමය සිදුවෙන්නේ නැත්නම් ඊළඟට බලන්න ඕනේ ඊළඟට ගන්න පුළුවන් ක්‍රියාදාමය මොකද්ද කියලා.”

ප්‍රශ්නය – විපක්ෂ නායකතුමා කොන්දේසියක් දාලා තියෙනවා ජනාධිපතිතුමා ඉවත් වුණොත් තමා භාරගන්නේ කියලා.

“ජනාධිපතිතුමා ඉවත් වුණොත් රට අරාජික වෙයි. එතකොට අගමැතිත් නෑ. ජනාධිපතිත් නෑ. ඊට පස්සේ මොකද කරන්නේ. ඉස්සෙල්ලා අගමැතිකම භාරගෙන තමා ඉතුරු ටික කියන්න ඕනේ ජනාධිපතිතුමාට යන්න කියලා. ජනාධිපතිත් නැතුව අගමැතිත් නැතුව රට කවුද භාරගන්නේ?”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka