gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අගමැති ජාතිය අමතන්න කලින් විපක්ෂනායක ජාතියට කතා කරයි! අලුත්ම මාළිගා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! අපි අහුවෙන්නේ නෑ! ජනතාව අහුවෙන්නත් එපා! (VIDEO)

සමගි ජනබලවේගය ගෙන ආ අංග සම්පූර්ණ 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජයග්‍රහණය කිරීමට සමගි ජනබලවේගය කටයුතු කරමින් සිටින අතර, රාජපක්ෂලා සනසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සදහා ආණ්ඩුව කුමන්ත්‍රණ කරන බවත් කීය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ සමගි ජනබලවේගයේ ගම්පහ, ගාල්ල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සමග පැවැති අද (29) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති වැඩසටහනකදී ය.

විධායකය අහෝසි කරන පළමු පියවර සදහා කටයුතු කළයුතු අවස්ථාවක සමහර අවස්ථාවාදීන් රාජපක්ෂලා රකින්නට කටයුතු කරන බව කී විපක්ෂ නායකතුමා, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන ආ අංග සම්පූර්ණ 21වන සංශෝධනයට එරෙහි කුමන්ත්‍රණ සහ දියාරු කිරීම් වහාම ආපසු හැරවිය යුතුයැයිද කීය.

රටේ අරමුණ සහ ඉල්ලීම රාජපක්ෂලා ගෙදර යැවීම බව කී විපක්ෂ නායකතුමා ලුම්පත් කල්ලියක අරමුණ වන්නේ රාජපක්ෂලා ආරක්ෂා කිරීම බවද පැවසීය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka