රනිල්ගෙ පාර්ශ්වයෙන් ප්‍රසිද්ධියේම මහ බැංකු අධිපතිට පහර දෙන්න පටන් ගනී ! අප්‍රේල් 15 ගත්ත තීන්දුව මහා අපරාධයක්ලු ! ඒකට දඬුවම් කරන්න ඕනෙලු ! හැබැයි මහ බැංකු මහ හොරකම ගැන මීක් නෑ…! (VIDEO)
ජාත්‍යන්තරයෙන් ලබාගෙන ඇති ණය නොගෙවා ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට නිල වශයෙන් පත්කිරීම පිටුපස සිටින්නන් හෙළිකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.
ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ බරපතළ ඛේදවාචකයක් වන මෙම සිදුවීම හරහා මෙරටට ලැබිය යුතු මුල්‍යාධාර වසර ගණනාවකට අත්හිටුවීමට ඇතැම් රටවල් කටයුතු කරන බවයි හෙතෙම අවධාරණය කරන්නේ.
එවැනි අවදානම් තත්ත්වයක රට පවතිද්දී ජනතාව ඔසවා තැබීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය භාරගත් බවද ඊයේ (28) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නා.
එසේ වුවද රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරූ යහපාලන ආණ්ඩු සමයේ සිදුවූ මහබැංකු වංචාව පිළිබඳ එම මාධ්‍ය සාකච්ඡාවේදී වචනයක් හෝ සඳහන් නොකිරීමටද හෙතෙම වගබලාගෙන තිබීම විශේෂ සිදුවීමකි.
අබේවර්ධන මහතාගේ එම අදහස් දැක්වීම පහතින්.
රනිල්ගෙ පාර්ශ්වයෙන් ප්‍රසිද්ධියේම මහ බැංකු අධිපතිට පහර දෙන්න පටන් ගනී ! අප්‍රේල් 15 ගත්ත තීන්දුව මහා අපරාධයක්ලු ! ඒකට දඬුවම් කරන්න ඕනෙලු ! හැබැයි මහ බැංකු මහ හොරකම ගැන මීක් නෑ…! (VIDEO)
2022-05-29T15:03:00+05:30
Gossip Lanka Hot News