රූපවාහිනී ගුවන් විදුලි නාළිකා දේශපාලනඥයින්ට තහනම් කරයි
සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා අද සිට සිය ප්‍රවෘත්ති විකාශයන්දී හැර ප්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් වලට දේශපාලඥයින් සහභාගී කරගැනීම නතරකර ඇත.
රට තුළ පවතින ආර්ථික අර්බුද විසඳීමට අදාල ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාවර ආණ්ඩුවක් පිහිටු වීමට සියලු ම දේශපාලන පක්ෂවලට බලපෑම් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ශ්‍රී ලංකා විකාශකයන්ගේ සංසදය පවසයි.
එසේ ම සියලු වැඩසටහන්වලට ප්‍රමුඛතාව වන්නේ ආර්ථික, දේශපාලනික සහ සමාජයීය අර්බුද පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම යැයි ද සඳහන් කරයි.
රූපවාහිනී ගුවන් විදුලි නාළිකා දේශපාලනඥයින්ට තහනම් කරයි
2022-05-04T06:48:00+05:30
Gossip Lanka Hot News






