පාර්ලිමේන්තුව බස්වලින් වටලන්න තීන්දුවක්... රටේ කොයි තැනින් ආවත් අරගලකරුවන්ට බස් නොමිලේ - ආණ්ඩු පන්නන සටනට බස් සංගම් එකතු වෙයි!
රජයට එරෙහිව සාමකාමී විරෝධතාවල නිරතවන තරුණ පිරිස් සඳහා නොමිලේ බස්රථ ලබාදීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අද (03) පැවසුවා.
ඒ අනුව සාමකාමී විරෝධතාවල නිරතවන තරුණ පිරිස් වෙනුවෙන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් කිසිදු ගාස්තුවක් අය නොකර බස් රථ ලබාදීමට පෞද්ගලික බස් හිමියන් වෙත උපදෙස් ලබා දී ඇතැයිද විජේරත්න සඳහන් කර සිටිනවා.
මෙයට අමතරව රජයට විරෝධය පල කරමින් ඉදිරි දිනක පාර්ලිමේන්තු සංකීර්නය අවට මාර්ග බස්රථ යොදවා අවහිර කිරීමට සංගමය තීන්දුවක් ගෙන ඇති බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියා.
කෙසේ වුවද එළඹෙන 06 වනදා පවත්වන හර්තාල් ව්‍යාපාරයට සහයෝගය ලබා දෙන්නේද යන්න මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවත් ඔහු තවදුරටත් කියා සිටියා.
පාර්ලිමේන්තුව බස්වලින් වටලන්න තීන්දුවක්... රටේ කොයි තැනින් ආවත් අරගලකරුවන්ට බස් නොමිලේ - ආණ්ඩු පන්නන සටනට බස් සංගම් එකතු වෙයි!
2022-05-03T21:32:00+05:30
Gossip Lanka Hot News






