අපි අද ආණ්ඩුව ගත්තොත් හෙට ඉදන් ඩොලර් එනවා... පෝලිං අවසන් කරනවා... මහින්ද යාපා ජනාධිපති කල යුතුයි (VIDEO)
ජනතා විමුක්ති පෙරමුණ අද ආණ්ඩුව බාරගත්තොත් හෙට සිට ලංකාවට ඩොලර් එන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව බාරගතහොත් විදේශගත ශ්‍රමිකයන් හරහා මාසිකව ඩොලර් බිලියන එක හමාරක ගෙන්වා ගැනීමට හැකියාව ඇති බවද හෙතෙම පැවසීය.
ලොව පුරා රටවල තම පක්ෂයේ කමිටු ඇති බවත් ඔවුන් හරහා මෙසේ ඩොලර් ගෙන්වා ගැනීමට හැකියාව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වූ බව තම පක්‍ෂය ආණ්ඩුව බාර ගැනීමට සූදානම් යයි ජනාධිපතිවරයාට දැන්වූ බවත් ජනාධිපතිවරයා ඊට එකඟ නොවී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ බවත් ප්‍රධාන ලේකම්වරයා පැවසීය.
තම පක්‍ෂය ආණ්ඩුව බාරගන්නේ නම් නාධිපතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු බවත් වැඩබලන ජනාධිපති ධුරයට කතානායකවරයා පත් විය යුතු බවටත් යෝජනා කරන ලද බවත් හෙතෙම කියා සිටියේ.
ආණ්ඩුව බාර ගත්තේ නම් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඉතින් තුන්දෙනා සහ පාර්ලිමේන්තුවේ සිටින සොරකම් අඩුවෙන් කරන ලද දස දෙනෙකු පමණ සොයාගෙන කුඩා කැබිනට් මණ්ඩලයක් පිහිටුවන්නට සූදානමින් සිටි බවද ඔහු තවදුරටත් පැවසීය.
එම සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් හෙතෙම මේ අදහස් පල කරන ලදී.
අපි අද ආණ්ඩුව ගත්තොත් හෙට ඉදන් ඩොලර් එනවා... පෝලිං අවසන් කරනවා... මහින්ද යාපා ජනාධිපති කල යුතුයි (VIDEO)
2022-05-30T16:00:00+05:30
Gossip Lanka Hot News






