දයා ගමගේගෙ හෙලිකොප්ටර් විකුණලා බැංකුවලට පොලු තිබ්බ බිලියන ගානක සල්ලි ගනින්! ඇලෝසියස් පොලු තිබ්බ සල්ලි ගනින්! අගමැතිතුමෝ නාලා වරෙන් මිනිස්සුන්ට බදු ගහන්න! (VIDEO)
ආර්ථික දුෂ්කරතා හමුවේ හෙම්බත් වී සිටින ජනතාව මත තවත් බදු බර නොපටවා, බැංකුවලට බිලියන ගණන් මුදල් ගෙවීම පැහැර හැර ඇති දයා ගමගේ සහ අර්ජුන් ඇලෝෂියස්ගෙන් එම මුදල් අයකරගන්නා ලෙස එක්සත් වමේ කේන්ද්‍රය පක්ෂයේ නායක චමීර පෙරේරා මහතා අවධරණය කරනවා.
පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ සාමාන්‍ය ජනතාව බදු බරෙන් මිරිකී සිටියද ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් බදුවලින් නිදහස් කිරීමට ආණ්ඩුව ක්‍රියා කර ඇති බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කිට්ටුවන්තයකු වන දයා ගමගේ සතු හෙලිකොප්ටර් යානා විකුණා දමා හෝ රජයට අයවිය යුතු මුදල් ලබාගන්නා ලෙසයි චමීර පෙරේරා මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
ඔහුගේ එම අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහතින්.
දයා ගමගේගෙ හෙලිකොප්ටර් විකුණලා බැංකුවලට පොලු තිබ්බ බිලියන ගානක සල්ලි ගනින්! ඇලෝසියස් පොලු තිබ්බ සල්ලි ගනින්! අගමැතිතුමෝ නාලා වරෙන් මිනිස්සුන්ට බදු ගහන්න! (VIDEO)
2022-05-30T16:15:00+05:30
Gossip Lanka Hot News