21ට ජනමත විචාරණයක් ඕනෑ! නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපතිවරයා අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය,
නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම දැනුම් දීම සිදු කළේ සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ඉන්දිකා දේමුනි ද සිල්වා මහත්මිය විසිනි.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කරනු ලැබ තිබූ පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි.
මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ. ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි .
21ට ජනමත විචාරණයක් ඕනෑ! නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි!
2022-05-30T20:43:00+05:30
Gossip Lanka Hot News






