කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තය මේ දිනවල කාර්ය බහුල ස්වභාවයක් දරන බව ගුවන්තොටුපල නිලධාරීන් කියති.
මීට හේතු වී ඇත්තේ විදේශ රැකියා සඳහා පිටව යන අයට රජයෙන් වැඩි පහසුකම් ලබා දීම මත වැඩි පිරිසක් විදේශ රැකියා සඳහා පිටවීම, අධ්‍යාපන කටයුතු සඳහා සිසුන් පිටත් වීම, මෙරට පැමිණ සිටින විදේශ සංචාරකයන් තම රට වලින් සිදුවන කැඳවීම අනුව ආපසු යාම බවත් එම නිලධාරියා පැවසීය.
දීර්ඝ කාලීන පදිංචිය සදහා විදේශගත වන පිරිස්වලද යම් ඉහල යාමක් ඇතැයිද ඔහු සදහන් කලේය.
කෙසේ වෙතත් රටට පැමිණීමට වඩා රටින් පිටවීම මෑත කාලයේ වැඩි වශයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසීය.
