ණය ගෙවීම පැහැර හැරීමත්, උග්‍ර ඉන්ධන හිඟය සහ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන කොටස් දර්ශක ඊයේ (19) වනවිට සතියකට ආසන්න කාලයත් තුළ පහළම මට්ටමට පහත වැටුණු බව අලෙවි නියෝජිතයෝ පවසති.
ප්‍රධාන සියලු කොටස් මිල දර්ශකය (ASPI) සියයට 2.89 කින් හෝ ඒකක 243.35 කින් පහත වැටුණු අතර එය මැයි 13න් පසු අඩුම අගය විය.
“ප්‍රධාන වශයෙන්ම රට තුළ ‘ඉන්ධන නැත’ යන්න ආයෝජකයන්ගේ හිත්වල පැලපදියම් වෙලා තියෙනවා, අනෙක දේශපාලන ස්ථාවරත්වය නොමැති වීම මේකට බලපානවා” යැයි ඉහළ වෙළෙඳපොළ විශ්ලේෂකයෙක් පැවසීය.
