gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සෞඛ්‍ය යේ බිහිසුණු කඩා වැටීම ගැන විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවති!

සාමාන්‍ය රෝගීන් අත්‍යාවශ්‍ය ඖෂධ මෙන්ම ඉතා හදිසි ජීවිත අවදානම් හමුවේ භාවිතයට අවශ්‍ය ඖෂධ හා උපකරණවල දැඩි හිඟයත් ඉන්ධන හිඟය නිසා සෞඛ්‍ය සේවා සැපයීමට හා සෞඛ්‍ය සේවකයින්ට රෝහල්වලට පැමිණීම ද ඉතා අපහසු වීමත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් සිදු කර ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. මේ දුෂ්කරතා හමුවේ ගැටුම් ඇති වීම වැළැක්වීමට දැඩි සංයමයකින් යුතුව කටයුතු කරන්නැයි එම සංගමය රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තවදුරටත් සඳහන් කරන්නේ දිනෙන් දින බිඳ වැටෙන ආර්ථික තත්ත්වය හමුවේ මේ වනවිට රටේ ජනතාවගේ මූලික අවශ්‍යතා වත් පිරිමසා ලීමට නොහැකි තත්ත්වයකට රජය පත්වී ඇති බවත් එම තත්ත්වය තුළ රාජ්‍ය සෞඛ්‍ය සේවය තුළ මහජනතාවගේ මූලික සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට රජය අපොහොසත් වී ඇති බවත් ඔවුහු තවදුරටත් සඳහන් කරති.

මේ තත්ත්වය තුළ විශෙෂඥ වෛද්‍යවරුන්ට රෝගීන් සඳහා සිදු කරන සේවාවන් කාර්යක්ෂමව සලසා දීමට අපහසු තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් එය ඔවුන්ට පාලනය කළ නොහැකි මට්ටමක පවතින බවත් එම සංගමය තවදුරටත් සිය නිවේදනය මඟින් පෙන්වා දෙයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka