gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

UPDATE : රංජිත් සියඹලාපිටිය වැඩි ඡන්දයෙන් නියෝජ්‍ය කථානායක ධුරයට!

පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායකවරයා තේරීම සඳහා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් ඡන්ද 148ක් ලබා ගත් රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායකවරයා ලෙසින් තේරී පත්විය. ඔහු ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් අතර ප්‍රතිවාදියා වන ඉම්තියාස් බාකීර් මාකාර් ලබා ගත්තේ ඡන්ද 65කි.නරක් වූ ඡන්ද තුනකි. ඒ අනුව සියඹලාපිටිය මහතා නව නියෝජ්‍ය කථානායක ධුරයට පත්විය.

නියෝජ්‍ය කථානාක ධුරයේ සිටි රංජිත් සියඹලාපිටිය මහතා ධුරයෙන් ඉවත් වීමත් සමඟ නව නියෝජ්‍ය කථානායකවරයකු පත් කිරීම පිළිබඳව අවශ්‍යතාව මතුවිය. මේ පත් කිරීම දිනක් ප්‍රමාද වූයේ නියෝජ්‍ය කථානායක ධුරයෙන් සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වු බව පිළිගනිමින් පාර්ලිමේන්තුවට දැනුම් දීමට ප්‍රමාද වීමය. එම දැනුම් දීම ඊයේ (05) ලැබුණු අතර අද ඡන්දය නියම විය.

මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ සඳහා සුදුසු මන්ත්‍රිවරයකුගේ නම යෝජනා කරන ලෙස කළ දැනුම් දීම හමුවේ නැගී සිටි නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රිවරයා ඒ සඳහා රංජිත් සියඹලාපිටිය ගේ නම යෝජනා කළ අතර සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රිවරයා එය ස්ථිර කළේය. එහිදී සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ආණ්ඩු පක්ෂයද සියඹලාපිටිය මහතාට සහය පළ කරන බව පවසා සිටි අතර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජනබලවේග මන්ත්‍රි ඉම්තියාස් බාකීර් මාකාර් ගේ නම යෝජනා කළේය.

ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සිදු විය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka