ආණ්ඩුව ලෑස්ති වෙන්නේ ව්‍යවස්ථාදායකයයි අධිකරණයයි අතර ගැටුමකට යන්නද? නීතිපතියි පොලිස්පතියි කැඳවා ලෑස්තිවෙන්නේ මොකක් කරන්නද?
අද පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැදවීමට මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනා කොට ඇත.
ඒ සදහා හේතු වී ඇත්තේ පාර්ලිමේන්තුවට පැමිණෙන මැතිඇමැතිවරුන්ට බාධා කරන තරුණයන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළද අධිකරණය මගින් ඇප ලබා දීම පිළිගත නොහැකි බව මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබීමය.
එහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තුව උත්තරීතර බැවින් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුව ඇති බවත්, ඇප දීම හරහා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවන බවත්ය.
ඒ අනුව වහාම පොලිස්පතිවරයා හා නීතිපතිවරයා කැදවා මේ සම්බන්ධයෙන් විමසිය යුතු බව ඔවුන් පෙන්වා දී ඇත.
ආණ්ඩුව ලෑස්ති වෙන්නේ ව්‍යවස්ථාදායකයයි අධිකරණයයි අතර ගැටුමකට යන්නද? නීතිපතියි පොලිස්පතියි කැඳවා ලෑස්තිවෙන්නේ මොකක් කරන්නද?
2022-05-05T13:47:00+05:30
Gossip Lanka Hot News






