බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක CID අත්අඩංගුවට!
පාතාල කල්ලි හා සම්බන්ධකම් පවත්වන, පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙක් වූ අශාන්ත නාලක හෙවත් සතා නාලක නැමැත්තා පසුගිය 09 වැනිදා ගාලුමුවදොර අරගල කරුවෙකුගේ හිසට යකඩ පොල්ලකින් පහර දී මාරාන්තික තුවාල සිදුකිරීමේ අපරාධයට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේය.
මීට පෙර මිරිහානේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස අසල ඇතිවූ විරෝධතාවයේදී ගිනිගැනීමට ලක්වූ යුද හමුදා බස් රථය පදවාගෙන පැමිණ විරෝධතාකරුවන් ඉදිරිපිට නවත්වා ඇත්තේත් මෙම පුද්ගලයා බව පොලීසිය අනාවරණ කරගෙන තිබේ.
හෝකන්දර ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති මෙම පුද්ගලයා ගාලුමුවදොර සිද්ධියේ දී පොදුජන පෙරමුණේ ආධාරකරුවන් සමග ස්කූටරයකින් ගාලු මුවදොරට පැමිණ තිබිණි.
බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක CID අත්අඩංගුවට!
2022-05-21T21:27:00+05:30
Gossip Lanka Hot News






