රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා ප්‍රමුඛතාවක් ලෙස විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන සැපයීමට රජය තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
නොරච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර හෙට වනවිට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීමට නියමිත බවත් ජල විදුලි උත්පාදනයට සමගාමීව ලබන සතිය මුල වන විට මුළු රටටම අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට රජය අවධානය යොමුකරමින් සිටින බවත් ඔහු පැවසීය.
ජූනි පළමුවැනිදා වන විට අඛණ්ඩ විදුලිය ලබාදීමට මූලික සැලැස්මක් තිබුණත් ලබන සතියේ මුල සිට එය ආරම්භ කළ හැකිද යන්න පිළිබඳව අපි දැන් සොයා බලනවා යැයි අමාත්‍යවරයා පැවසීය.
