ජනාධිපති අපිව රැවට්ටුවා... ආයෙ නම් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීම් කරන්න යන්නේ නෑ... රන්ජන් එළියට ගන්න සටන දැන් අපි පාරට අරන් එනවා - සජිත් ප්‍රේමදාස
රන්ජන් රාමනායක යනු කිසිදාක සිරගතව සිටිය යුතු මනුෂ්‍යයෙක් නොවන බවත් ඔහුට සාධාරණය ඉටු කරන බවට ජනාධිපතිවරයා විසින් කිහිපවිටක් ප්‍රකාශ කොට ඇතත් මේ දක්වා සිදු කොට ඇත්තේ ඇන්දවීම රැවටීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඔහුගේ නිදහස වෙනුවෙන් කිහිපවිටක්ම ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීම් මේ දක්වා ඉටු වී නැති බව පැවසූ විපක්ෂ නායකතුමා මින් ඉදිරියට ඔහුගේ නිදහස වෙනුවෙන් ඉල්ලීම් කරනවා වෙනුවට රන්ජන් රාමනායක ව නිදහස් කර ගැනීම උදෙසා වූ සටන ශක්තිමත් කරන බව ද පැවසීය.
අද (03) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ගිය විපක්ෂ නායකතුමා ඉන් අනතුරුව මේ බව පැවසීය.
ජනාධිපති අපිව රැවට්ටුවා... ආයෙ නම් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීම් කරන්න යන්නේ නෑ... රන්ජන් එළියට ගන්න සටන දැන් අපි පාරට අරන් එනවා - සජිත් ප්‍රේමදාස
2022-05-03T21:14:00+05:30
Gossip Lanka Hot News