ජනතා විමුක්ති පෙරමුණ හා දූෂණ විරෝධී හඩ සංවිධානය විසින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවේදී ඉදිරිපත් කළ ව්‍යාජ ද්වේශ සහගත ප්‍රකාශය සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලිත ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කොට ඇත.
ඒ මෙසේය.
අද දින (03)ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතනයේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී මහබැංකු බැඳුම්කර වංචාවට අදාල කරුනු ඉදිරිපත් කිරීමේදී එවකට ජනාධිපතිවරයාව සිටි ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එම පවුලේ උදවිය හට මහබැංකු බැඳුම්කර වංචාවෙන් සොරාගත් මුදල් වලින් යම් කොටසක් බෙදා දුන් බවට දූෂණ විරෝධී හඩ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් කරන ලද චෝදනාව තරයේ පිළිකුලෙන් යුතුව හෙලා දකිමි.
දේශපාලන වාසි තකා පදනම් විරහිතව නිරිදෝශී පුද්ගලයන් හට චෝදනා එල්ල කිරීම සදාචාරාත්මක දේශපාලන ක්‍රියාවක් නොවනු ඇත. ඉදිරියේදී මෙම ද්වේශ සහගත ප්‍රකාශය සම්බන්ධව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව දැනුම් දෙමි.
මෙය සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර ප්‍රකාශයක් වන අතර මහබැංකු වංචාවේ දූෂිත ගණුදෙනු හෙලිකර ගැනීමට ශ්‍රී ලංකා ඉතිහාසයේ වෝහාරික විගණනයන් හා ශ්‍රේෂ්ඨාධිකරන විනිෂ්චකාරවරුන්ගෙන් සමන්විත ජනාධිපති කොමිසමක් පත්කරමින් මහබැංකු බැඳුම්කර වංචාව විමර්ශණය කිරීම සඳහා හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කැපවීම අද සමාජයේ බොහෝ දෙනෙක් අගය කරන කරුණක් වන අතර එය දෙස් විදෙස් ගෞරවයට පාත්‍ර වූ කාරණයක් බවද වැඩිදුරටත් දන්වා සිටිමි.
