අද දින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා තේරීමේ ජන්ද විමසීමේදී පොහොට්ටුව තවමත් හසුරුවන්නේ බැසිල් රාජපක්ෂ මහතා බව ඔප්පු වීමත් සමග විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී තමන්ට ඇමැතිකම් ගෙන ආණ්ඩුවට එක්විය නොහැකි බව දැනුම් දී ඇත.
මෙම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනා මීට පෙර ආණ්ඩුවට එක්වී ඇමැතිකම් ගැනීමට වික්‍රමසිංහ මහතා සමග සාකච්ජා කොට එකග වී තිබීණ.
නමුත් අද දිනයේදී නියෝජ්‍ය කතානායක තේරීමේදී විපක්ෂයේ අපේක්ෂකයා තෝරාගන්නා බවට එකගතාව පළවී තිබියදී අවසන් මොහොතේ බැසිල් රාජපක්ෂ මහතා මැදිහත්ව පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පියවර ගත් බව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය වී තිබේ.
ඒ අනුව අද පෙරවරුවේ වික්‍රමසිංහ මහතා මුණගැසි ඇති මෙම විපක්ෂ මන්ත්‍රීවරුන් දැනුම් දී ඇත්තේ මෙවැනි තත්ත්වයක් යටතේ තමන්ට ආණ්ඩුවේ ඇමැතිකම් ලබා ගත නොහැකි බවකි.
