ආණ්ඩුවත් සමග ගනුදෙනු කරමින් රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව කියමින් විරෝධතාකරුවන් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය නිවෙස ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවත්වීමට පියවර ගෙන ඇත.
ලැජ්ජ නැද්ද රනිල්…! ලැජ්ජ නැද්ද රනිල්…! ගෙදර ඉන්න රනිල්…! ගෙදර ඉන්න රනිල්…! යැයි කියමින් විරෝධතා පුවරු ඔසවමින් මෙම විරෝධතාවය පැවැත්විණ.
මෙම විරෝධතාව පැවැත්වීමට පෙර නියෝජ්‍ය කතානායක තේරීමේ ජන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණයක් කරමින් කියා සිටියේ වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ අපේක්ෂකයා වූ රංජිත් සියඹලාපිටිය මහතාට ජන්දය දෙන ලෙසට සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි බවත්, වික්‍රමසිංහ මහතා රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය. මෙවැනි නාට්‍යකරුවන් සිටින තාක් රාජපක්ෂවරුන්ට එරෙහිව විශ්වාසභංග ගෙනැත් පලක් නොවන බවත් ඒ මහතා කීය.
