gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දුමින්ද සිල්වා අද අලුයම රට පනියි!

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.දුමින්ද සිල්වා අද (07) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

සිංගප්පූරු ගුවන් සේවයේ SQ-469 යානයෙන් ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවයි ගුවන් තොටුපල ආරංචි මාර්ග සදහන් කළේ.

2011 ඔක්තෝම්බර් 08 වෙනිදා, බස්නාහිර පළාත් සභා ඡන්දය පැවති දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු විභාගයක් පැවති අතර එහිදී මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේ, චෝදනා පවත්වා ගෙන යාම සඳහා දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි.

ඒ අනුව 2015 වසරේ මාර්තු මස 03 වෙනිදා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබූවා.

එහිදී, නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම, මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම, නීති විරෝධී රැස්වීම ඇතුළු අධිචෝදනා සංඛ්‍යාව 17 ක් යටතේ නඩු පවරා තිබුණා.

ඒ අනුව මෙම නඩු විභාගය ශිරාන් ගුණරත්න, පද්මිණී රණවක ගුණතිලක, එම්.සී.බී.එස්. මොරායස් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැණුනු අතර 2016 වසරේ සැප්තැම්බර් 08 වනදා දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට අද (08) මරණීය දණ්ඩණය නියම වුණා.

පසුව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර එය එවක අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ, නලීන් පෙරේරා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරිවේ විභාගයට ගැණුනා.

එහිදී මරණ දඬුවම නියමව සිටි එක් විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කළ අතර දුමින්ද සිල්වාට පනවා තිබූ මරණීය දණ්ඩණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යළිත් තහවුරු කළා.

පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව 2021 ජූනි මස 24 වනදාට යෙදෙන පොසොන් පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව හිමිවුණා.

කවුද මේ දුමින්ද සිල්වා ?

එක්සත් ජාතික පක්ෂය හරහා දේශපාලන කරළියට අවතීර්ණ වූ දුමින්ද සිල්වා, 2004 වර්ෂයේ පැවති පළාත් සභා මැතිවරණයෙන් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වුණා.

එම අවධියේ ඔහුට එරෙහිව ළමා අපචාර චෝදනාවක් එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විනය පරීක්ෂණයක්ද පවත්වනු ලැබූවත් දුමින්ද සිල්වා එය තරයේ ප්‍රතික්ෂේප කළා.

පසුව මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ වැරදි ප්‍රවෘත්තියක් ප්‍රචාරය කිරීමේ සිදුවීමකට හිරු මාධ්‍ය ජාලය වසා දැමීමෙන් පසුව දුමින්ද සිල්වා 2007 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වුණා.

ඉන් අනතුරුව ළමා අපචාර සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට එරෙහි නඩුව එවක නීතිපති මොහාන් සිල්වා ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ද නිර්මාණය වුණා.

මේ අතර, ජනප්‍රිය නිළියක වූ අනර්කලී ආකර්ෂා සහ ඇයගේ මව ඝාතනය කරන බවට දුමින්ද සිල්වා තර්ජනය කළ බවට චෝදනා කරමින් අනර්කලී ආකර්ෂා 2008 වසරේදී අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළා.

මීට අමතරව, කොලොන්නාවේ මත්ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධයෙන් ද එවක ඔහුට එරෙහිව දැඩිව චෝදනා එල්ල වූණා.

2015 වසරේ ජනවාරි 27 වනදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කළේ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්වන වෙළේ සුදා හා කුඩු ලාලිත යන අයගෙන් මුදල් ලබාගෙන ඇති බවට තහවුරු වී ඇති බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ බව අධිකරණයට දැනුම් දුන් බවයි.

උපුටා ගැනීම : news19


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka