gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

IOC ඉන්ධන මිල ඉහල දමයි! දැවි තෙල් ලීටරයක් රුපියල් දාහයි!

අයි.ඕ.සි සමාගම යටතේ පාලනය වන ඉන්ධන පිරවුම්හල් වල (06) දින රාත්‍රියේ සිට සැම දැවි තෙල් ලිටරයකම මිල රු 140 කින් ඉහල දමා ඇත.

සැම දැවි තෙල් ලිටරයක්ම (06) දින රු 860 කට අලෙවි කර ඇති අතර , නව මිල අනුව සැම දැවි තෙල් ලිටරයක්ම රු දහසකට අලෙවි කරනු ලබයි.

අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල සිමාවකින් තොරව ඉන්ධන නිකුත් කරන අතර, හැටන් ඉන්ධන පිරවුම්හලට ඩිසල් තොග නොලැබුණු බවත්,පෙට්‍රල් ඉන්ධන අවශ්‍ය තරම් ඇති බවයි ඉන්ධන පිරවුම්හලේ සේවකයින් කියා සිටියේ.

මේ අතර සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වල දැවි තෙල් මිල ඉහල දමා නොමැති අතර,සිපෙට්කෝ පාලන අධිකාරිය විසින් (06) දින ලබාදුන් උපදෙස් අනුව පෙට්‍රල් ඉන්ධන පාරිභෝගිකයන්ට නිකුත් කරන බවත්, මිල වැඩි විමත් සමග පාරිභෝගිකයන් එම උපරිම මිලට ඉන්ධන මිල දි නොගන්නා බවයි හැටන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ සේවකයින් කියා සිටියේ.

හැටන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ (07) දින ඩිසල් ලබා ගැනිමට වාහන කිහිපයක් එම ඉන්ධන පිරවුම්හල අසල ගාල් කර තිබුණද එම ඉන්ධන පිරවුම්හලට මෙතෙක් ඩිසල් ඉන්ධන තොග නොලැබුණු බවයි ඉන්ධන පිරවුම්හල් සේවකයින් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka