පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා විසින් අද පාර්ලිමේන්තුවේදි ආන්දෝලනාත්මක කතාවක් සිදු කරනු ලැබුවා. අරලියගහ මන්දිරයට පැමිණි ජනතාවට ගෝල්ෆේස් වෙත යාම සඳහා බලපෑම් කරනු ලැබුවේ එහි සිටි මුග්ධ දේශපාලකයින් පිරිසක් බවයි ඔහු එහිදී චෝදනා කලේ.
සිද්ධිය ඇතිවන අවස්ථාවේදී තමන් ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්චාවකට සහභාගී වෙමින් සිටි බවත් ,ජනාධිපතිවරයා දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පතිවරයාට එම අවස්ථාවේදී දුරකථන ඇමතුමක් දුන් බවත් ඔහු සඳහන් කරනවා.
එම පිරිසට කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල නොකරන ලෙසට තමාට උපදෙස් ලබා දුන්නේ පොලිස්පතිවරයා බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා එහිදී කියා ඇත්තේ.
වැඩි දුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම හානි සිදුවූ සියලු දෙනා තමාට වඩා ආර්ථික වශයෙන් පහළින් සිටින අය බවත් ඔවුනට උදව් කරන ලෙසත් ය.
