gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල්ගේ කියා ගිනි තබා ඇත්තේ පොදු දේපලකටයි!

විරෝධතාකරුවන් විසින් ගිනි තබන ලද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් යැයි සැකකෙරෙන දොඩම්පේ මල්වාන මාපිටිගම ගඟබඩ පාරේ අක්කර 16 ක ඉඩමක් මධ්‍යයේ පිහිටි නිවස පොදු දේපලක් බව වාර්තා වේ.

ඒ අදාළ දේපල සම්බන්ධයෙන් කිසිවකු අයිතිවාසිකම් නොකියා සිටීම නිසා එය පොදු දේපලක් බවට අධිකරණයෙන් තීන්දුවී තිබිම නිසාය.

හිටපු ආමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙන්ම අදාළ ඉඩමේ වත්මන් ලියාපදිංචි අයිතිකරු වන මුදිත ජයකොඩි යන දෙදෙනාම මේ ඉඩම තමන්ගේ නොවන බව අධිකරණය වෙත මීට පෙර දැනුම් දී තිබිණි.

ඒ අනුව වසර 2016 ඔක්තොබර් 14 වැනිදා පූගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා විසින් එම ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවිකරන ලෙස නියෝග කළ අතර විකිණීමෙන් ලැබෙන මුදල පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය භාරයට පත්කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

ඒ අනුව රුපියල් මිලියන 208කට තක්සේරු කෙරුණු එම දේපොළ වෙන්දේසි කිරීමට නියමිතව තිබියදී, එම ඉඩම සහ ගොඩනැගිල්ල මහජන ශුභසිද්ධිය සඳහා යොදා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව පවසමින් එය වෙන්දේසි කිරීම අත්හිටුවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටිමින් තුසිත් මුදලිගේ මහතා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඒ අනුව එය නැවතුන අතර පසුව එම ඉඩම හා නිවස පොලිස් අභ්‍යාස විද්‍යාලයක් තැනීමට එවකට හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් යොජනා කර තිබිණි.

එසේ යෝජනාවීමෙන් පසුව එහි කටයුතු යහපාලන රජයේ සිටි පොලිස් ඇමති සාගල රත්නායක මහතා විසින් ආරම්භ කිරීමට ද සූදානමින් සිටි බවට මාධ්‍ය වාර්තා පැතිර තිබිණි.

ඉන් පසුව ඔවුන් කිසිවකු මේ සම්බන්ධයෙන් ප්‍රගතිශීලී කටයුත්ත නොකළේය.

කෙසේවුවද, එම දේපොල ආරක්ෂා කිරීමට එහි පොලිස් මුරපොලක් ඉදිකර තිබිණි.

මේ ගිනිතැබීම සිදුකර ඇත්තෙ එම පොලිස් මුර පොලද තිබියදීය.

ඒ අනුව මෙය බැසිල් රාජපක්ෂට හෝ රාජපක්ෂවරුන්ට අයත් දේපලක් නොවන අතර මෙය විනාශ කිරීම සම්බන්ධයෙන් පොලිසිය එය විනාශ කළ පිරිස් මහජන දේපලවලට හානි කිරීම යටතේ අත්අඩංගුවට ගතයුතුයව ඇති බව නීති විශාරද මතය වේ.

මේ අතර, එසේ ගිනිගත් මල්වාන නිවස ආසන්නයේ ගැමියන් පවසන්නේ මේ නිවසට ගිනි තැබුවේ පොලිසිය විසින් බවයි.

මූලාශ්‍රය - නිව්ඩේ වෙබ්අඩවිය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka