"ඇමතිකමක් ගත්තා නම් සාමූහික වගකීම තියාගෙන වැඩ කරන්න... තැන් තැන්වල කියවන්න එපා" - ජනපති කැබිනට් මණ්ඩලයේදී හරීන්ට අවවාද කරයි!
අමාත්‍ය ධූරයක් බාර ගත්තේ නම් කැබ්නට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කරමින් කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා විසින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට උපදෙස් දෙනු ලැබ ඇති බව වාර්තා වේ.
ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම දැනුම් දීම ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ තැන් තැන්වල ගොස් විවිධ කතා නොකියා කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කරගනිමින් අදහස් ප්‍රකාශ කරන ලෙසය.
ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාද පෙන්වා දී ඇත්‌තේ ඉකුත් ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත් වීම සදහා ඇමැතිවරුන් විසින් තැන්තැන්වල කළ ප්‍රකාශ මහත් සේ බලපෑ බවකි.
එම නිසා ඇමැතිවරුන් අදහස් ප්‍රකාශ කිරීමේදී වගකීම් සහගත විය යුතු බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාද මෙහිදී දැඩිව පෙන්වා දී ඇති බව දැනගන්නට ඇත.
"ඇමතිකමක් ගත්තා නම් සාමූහික වගකීම තියාගෙන වැඩ කරන්න... තැන් තැන්වල කියවන්න එපා" - ජනපති කැබිනට් මණ්ඩලයේදී හරීන්ට අවවාද කරයි!
2022-05-24T15:47:00+05:30
Gossip Lanka Hot News






