රටේ ජනතාවගේ ප්‍රශ්න වලට ඇහුම්කන් නොදී බලය ලබා ගැනීම සඳහා පමණක් වැඩ කටයුතු කරන පක්ෂ නායකයන්ගේ නිවාස ඉදිරියේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීන්වරුන් විසින් වටලන බව එම පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා සඳහන් කරයි.
එමෙන්ම තමාගේ අරමුණ තම නිවසට පහර දුන් පුද්ගලයන් අත්අඩංගුවට පත් වනවා දැකීම නොව ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම බව ද සහන් ප්‍රදීප් විතාන මහතා පැවසීය.
කඩවත නගරයේ පිහිටි පසුගිය 09 වෙනිදා ගිනි තබා විනාස කරන ලද සිය නිවස බැලීමට පැමිණි අවස්ථාවේ මන්ත්‍රීවරයා මේ බව
මාධ්‍ය අමතමින් කියා සිටියේය.
– මාධ්‍ය ඒකකය
