gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෙවල් ගිනි තියපු මන්ත්‍රීවරුන්ට ප්‍රසන්න ආණ්ඩුවෙන් හොඳ වන්දියක් අරන් දෙන්න යයි!

පසුගිය මාර්තු 31 වැනි දා සිට විවිධ අවස්ථාවලදී රට තුළ සිදු වූ බව කියන ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් නිවාස හා දේපල හානි වූ සියලු දෙනාට සාධාරණ ඉටුකරදීම සඳහා තමන් පෞද්ගලිකවම මැදිහත් වන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය මෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පවසනවා.

ඔහු කියන්නේ මේ වන විටත් තමන් මේ පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහට සමඟ සාකච්ඡා සාකච්ඡා කර ඇති බවයි.

හිටපු අග්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ හා ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වූයේ පසුගිය මාර්තු 31 වෙනිදා ජනාධිපති වරයාගේ මිරිහාන නිවසට පහර දීමේ සිද්ධිය සමඟ බවයි අමාත්‍යවරයා කියන්නේ.

එම සිද්ධියෙන් පසු මේ මොහොත දක්වාම දිවයින පුරා විවිධ ප්‍රදේශවල හිටපු මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා නගර සභා සභාපතිවරුන්, ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ඉලක්ක කරගනිමින් නිවාස සහ දේපල ගිනි තැබීම් හා විනාශ කිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වී තිබෙන බව අමාත්‍යවරයා පවසනවා.

ඒ පිළිබඳ සියලු තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කරනවා.

සියලු තොරතුරු ලබාගෙන ඔවුන්ට සාධාරණය ඉටු කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ඇමති ප්‍රසන්න රණතුංග සඳහන් කරනවා.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka