තෙල් පෝලිම්වල ඉන්න එපා... ෆුල් ටෑන්ක් ගහන්න එපා - බලශක්ති ඇමති
ඉදිරි දින තුනක කාලය තුල ඉන්ධන පෝලිම් වල සිටිමෙන් වළකින්නැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලයි.
ඉදිරි දින කිහිපයේදී ඉන්ධන පිරවුම්හල් වලට බෙදා හැරීම අවසන් කරන තෙක් පෝලිම්වල නොසිට ලෙසත් ඉන්ධන ටැංකි සම්පූර්ණයෙන්ම පුරවා නොගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියි.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මා මෙම අදහස් පළ කර ඇත.
ඩීසල් නැවක් ඊයේ දිනයේ මෙරටට පැමිණි බවත් ඉදිරි සති දෙක තුළ ඉන්ධන රැගත් නෞකා තුනක් පැමිණෙන බවත් හෙතෙම එමගින් කියා සිටී.
තෙල් පෝලිම්වල ඉන්න එපා... ෆුල් ටෑන්ක් ගහන්න එපා - බලශක්ති ඇමති
2022-05-16T13:44:00+05:30
Gossip Lanka Hot News





