පාලකයිනේ ජනතා ඉල්ලීම්වලට කන්දෙන්න... තරුණ අරගලකරුවන්ට මගේ ආචාරය පුද කරනවා - පාප් වහන්සේ ප්‍රබල නිවේදනයක් නිකුත් කරයි!
ශ්‍රී ලංකාවේ සාමය ඇති කරන ලෙසත්, ජනතාවගේ ඉල්ලීම්වලට අවනත වන ලෙසත් අතිඋත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද පාලක දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටියහ.
“ජනතාවගේ අභිලාෂයන්ට ඇහුම්කන් දෙන ලෙසත්, මානව හිමිකම් සහ සිවිල් නිදහස සඳහා පූර්ණ ගෞරවය සහතික කරන ලෙසත් වගකීම් ඇති සියලු දෙනාගෙන් මම ආයාචනා කරමි,” යනුවෙන් පාප් වහන්සේ පැවසීය.
“ප්‍රචණ්ඩත්වයට යටත් නොවී සාමකාමී ආකල්පයක් පවත්වාගෙන යන ලෙස සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටීමට මම ආගමික බලධාරීන් සමඟ එක් වෙමි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද දින වතිකානුවේදී දකුණු ආසියාතික ජාතිය වෙත සිය සිතුවිලි මුදා හරිමින් මේ බව ප්‍රකාශ කළහ.
“රටේ සමාජ හා ආර්ථික අභියෝග සහ ප්‍රශ්න හමුවේ මෑත කාලීනව තම හඬ අවදි කළ තරුණ තරුණියන්ට විශේෂයෙන් තමා ආචාර කරන බව පාප් වහන්සේ ප්‍රකාශ කළහ.
කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ සඳුදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර ඉදිරිපිට විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රහාර හෙළා දැකීමෙන් පැය 24ක් ගතවීමටත් මත්තෙන් පාප්වහන්සේ මෙම ප්‍රකාශය කිරීම විශේෂ සිදුවීමක් විය.
පාලකයිනේ ජනතා ඉල්ලීම්වලට කන්දෙන්න... තරුණ අරගලකරුවන්ට මගේ ආචාරය පුද කරනවා - පාප් වහන්සේ ප්‍රබල නිවේදනයක් නිකුත් කරයි!
2022-05-11T20:09:00+05:30
Gossip Lanka Hot News





