පුත්තලම දිස්ත්‍රික් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත සහ ඔහුගේ ආරක්ෂකයා පැමිණි වෙළෙඳ අමාත්‍යාංශයට අයත් වී 8 වර්ගයේ ජීප් රථය කොළඹදී ඉකුත් 09 වැනිදා ඇතිවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලදී විනාශයට පත්ව තිබුණා.
ඉන්පසු එය පොලීසියට දමා ගොස් තිබියදී හමුවූ බව කුරුදුවත්ත පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ පවසනවා.
අශෝක ප්‍රියන්ත මන්ත්‍රීවරයා අරලියගහ මන්දිරයේ පැවැති උත්සවය නිමාවී නැවත පුත්තලම ප්‍රදේශයට යමින් සිටියදී බොරැල්ල එෆ්. ආර්. සේනානායක මාවතේදී ප්‍රහාරයට ලක්වීමෙන් පසු වෙළෙද අමාත්‍යාංශයේ රියැදුරු විසින් එම වාහනය හරවාගෙන පැමිණ පොලීසියේ දමායන ලදැයි ද කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
අයිතිකරුවකු නොමැති WP CT 1728 දරන වී 8 වර්ගයට අයත් මෙම වාහනය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමේදී එය වෙළෙද අමාත්‍යාංශයට අයත් වාහනයක් බවට කරුණු අනාවරණය වූ බවයි පොලීසිය කියා ඇත්තේ.
ඉන් පසුව එහි රියැදුරු බව කියන මාරවිල පදිංචි කැලුම් සමන්ත ලීලාරත්න යන අය පොලීසියට ගෙන්වා ප්‍රකාශ සටහන් කර ගත් බව ද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළා.
එම වාහනය සහ අදාළ සිද්ධියේදී පහරදී සහ ගිනිතබා විනාශ වූ බස් රථ ඇතුළු වාහන 14ක් සම්බන්ධයෙන් සී සී ටී වී කැමරා දර්ශන පරිශීලනය කිරීමෙන් පසු ඊට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා කුරුදුවත්ත පොලීසිය නියෝග කර තිබෙනවා.
එමෙන්ම අදාළ වාහන 14 කුරුදුවත්ත පොලිසියට ගොස් පරීක්ෂා කිරීමෙන් පසු ඒවායේ රස පරීක්ෂක වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂකවරයාටද නියෝගයක් නිකුත් කළා.
මෙම සිද්ධියෙන් විනාශයට පත් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහදගම ගමන් ගත් වැගන් ආර් මෝටර් රථය ද සිද්ධියෙන් විනාශ වී ඇති බවට එහි හිමිකරු වන කොල්ලුපිටියේ පදිංචි වීරසිංහ පතිරණගේ සමීර මදුසිත් නමැති ව්‍යාපාරිකයකු පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව කුරුදුවත්ත පොලීසිය අධිකරණයට වාර්තා කර තිබෙනවා.
එම වාහනය පැමිණීලිකරු විසින් මහින්ද කහදගම මහතාට පාවිච්චිය සදහා ලබාදෙනු ලැබ තිබූ එකක් බවයි අදාළ ව්‍යාපාරිකයා පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබූ බවයි වාර්තා වෙන්නේ.
