මහා විනාශයකින් පසුවත් තවම පාඩමක් ඉගෙන ගෙන නෑ! පොහොට්ටු මන්ත්‍රී පරණ සෙල්ලමම පටන් ගනී! පොලිසියට පැන යකා නටයි! OICව මාරු කරන බවට තර්ජනය කරයි!
පහරදීමක් හා තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකු අඩංගුවට ගත් බව අත්තනගල්ල පොලීසිය පවසයි. ඌරාපොල ප්‍රදේශයේ පදිංචි අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකු එසේ අත් අඩංගුවට ගෙන ඇත.
ග්‍රාම සේවා කාර්යාලයක් පවත්වා ගෙන යන නිවසකට පැමිණ එහි සිටි එක් දරු මවකට පහර දී ග්‍රාම නිලධාරිනියකගේ ජංගම දුරකථනයක් ද පොළොවේ ගසා කුඩු කර , අත්තනගල්ල පොලීසියට කඩා වැදී එහි ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැන වැදී ඔහු මාරු කර යවන බවට තර්ජනය කළැයි මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මන්ත්‍රීවරයාගේ නිවසට පසුගිය 09 ගල් ගසා අලාභහානි කළ පුද්ගලයින් පිරිසක් ඇප මත මුදා හැරීමේ සිද්ධියක් මුල් කරගෙන මන්ත්‍රීවරයා මෙලෙස හැසිරිඇතැයි පොලීසිය කියයි.
පහරකෑ කාන්තාව සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයාට එරෙහිව පැමිණිල්ලක් කිරීමට අත්තනගල්ල පොලීසියට ගොස් සිටියදී මන්ත්‍රීවරයා පොලීසියට ද කඩා වැදී ඔහුගේ නිවසට ගල් ගැසූ පුද්ගලයින්ට ඇප දුන්නා නේද යැයි එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසේන්ද්‍ර නාලක මහතාටද ඉතාමත්ම අසභ්‍ය ලෙස පරුෂ වචනයෙන් බැන වැදී වැඩි දවසක් යන්නට මත්තෙන් ඔහුව මාරු කර යවන බවට තර්ජනය කර කළ බවද පොලීසිය කියයි.
අනතුරුව මොහු අත්අඩංගුවට ගෙන තිබේ .
මහා විනාශයකින් පසුවත් තවම පාඩමක් ඉගෙන ගෙන නෑ! පොහොට්ටු මන්ත්‍රී පරණ සෙල්ලමම පටන් ගනී! පොලිසියට පැන යකා නටයි! OICව මාරු කරන බවට තර්ජනය කරයි!
2022-05-26T15:29:00+05:30
Gossip Lanka Hot News





